I made this widget at MyFlashFetish.com.

Saturday, July 2, 2011

අන්තර්ජාලයෙන් මුදල්

අන්තර්ජාලයෙන් මුදල්






ඔබට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට පුළුවන් වන ක්‍රම සියල්ලම නොමිලේම මම කියන්නයි හදන්නේ
මගේ පෝස්ට් දවසින් දවස එක දෙක බැගින් පල කරන්නම්
මාසයක් විතර යද්දි මම සියලුම පෝස්ට් පළ කරලා ඉවර කරනවා






අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම 
ලිපි මාලාව අංක 01

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම යනු අද බොහෝ දෙනා කථාබහ කරන මාතෘකාවක් තරමටම ලංකාවේ ජනප්‍රිය වී ඇත. පුවත්පත්වලද, අන්තර් ජාලයේද, තාප්පවල අලවන ලද පෝස්ටර් මගින්ද අන්තර් ජාලයෙන් මුදල් ඉපයීම මැජික් එකක් බවට පත්කර ඇත. අද අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කියාදීමටද බොහෝ අය පොරකමින් සිටී. එහෙත් ඒ උගන්වන අයවත් අන්තර්ජාලයෙන් මුදල් උපයන ආකාරය නිසිලෙස දන්නේදැයි ප්‍රශ්ණයකි. ඔවුන් බොහෝවිට කරනුයේ අන්තර් ජාලයෙන් කියවා ලබාගන්නා තොරතුරු හා තමන් සතු සුළු දැනුම අන් අයට ලබාදීම වෙනුවෙන් මුදල් ගසා කෑමකි. සමහරු CD / DVD වලින් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන උගන්වති. සමහරු තැපැල් මගින් උගන්වති. තවත් සමහරු එක් දින, දෙදින වශයෙන් පංති පවත්වා මෙය උගන්වන බව කියති. සමහරු පවසන්නේ දවසට පැය දෙකක් පමණක් වැඩකර මසකට රුපියල් 30 000 ක් පමණ ඉපයිය හැකි බවකි. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සත්‍යයක්ද? ඔය කියන තරම් මුදල් ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් ඉපයිය හැකිද?


ඇත්ත වශයෙන්ම කියතොත් අන්තර්ජාලය මගින් මුදල් ඉපයීමේ ක්‍රම තිබේ. එය සත්‍යයකි. අන්තර් ජාලයෙන් දවසකට රුපියල් ලක්ෂ ගණන් මුදල් උපයන අයද සිටිති. එහෙත් ඒ අතලොස්සකි. තවද එසේ මුදල් ඉපයීමට මනා හැකියාවක් හා කැපවීමක් මෙන්ම අන්තර්ජාලය හා ඒ පිළිබද හොද දැනුමක්ද තිබිය යුතුය. ඔය කියන ආකාරයට දවසට පැය දෙකක් වැඩකර රුපියල් 30 000ක් එක මසකට එකවර ඉපයීමක් කල නොහැක. එසේ හැකිනම් බොහෝ දෙනෙකු මෙසේ මහන්සි වී වැඩ නොකරනු ඇත. අනෙක් අතට කිසිම කෙනෙක් අන්තර්ජාලය හරහා මුදල් නිකන් දෙන්නේද නැත. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන එක් දිනකින් ඉගෙනගැනීමටද නොහැකිය. තවද අන්තර්ජාලය හරහා මුදල් ආයෝජනය කර මුදල් ඉපයීමේ ක්‍රමද පවතින අතර එහිදී ලාභ මෙන්ම පාඩුද සිදුවිය හැකිය. 




අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේනම් ඔබට පරිඝනක භාවිතය ගැන හොද දැනුමක් තිබිය යුතුය. ඔබ ඉතා දක්ෂ පරිඝනක වැඩසටහන් ලියන්නෙක්නම්, පරිඝනක නිර්මාණකරුවෙක්නම්, වෙබ් අඩවි නිර්මාණ කරුවෙක්නම්, වෙබ් අඩවි සංවර්ධනය කරන්නෙක්නම් හෝ කිසියම් ක්ෂේත්‍රයක හසල දැනීමක් ඇති අයකුනම් ඔබට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ හොද අවස්ථාවක් ඇත. විශේෂයෙන් පරිඝනක වැඩසටහන් නිර්මාණකරුවන්ට, වෙබ් අඩවි නිර්මාණකරුවන්ට හා වෙබ් අඩවි සංවර්ධනය කරන්නන්ට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ හොද අවස්ථාවක් පවතී. තවද ඉතා ජනප්‍රිය වෙබ් අඩවි අයත් පුද්ගලයන්ටද ඔවු‍න්ගේ වෙබ් අඩවි වල දැන්වීම් පල කිරීමෙන් විශාල ආදායමක් උපයාගත හැක. මෙය දැනට ලෝකයේ පවතින ජනප්‍රියම, සාර්ථකම හා වැඩිම ප්‍රමාණයක් භාවිතා කරන අන්තර්ජාලයෙන් මුදල් උයයන මාර්ගය වේ. ගූගල්, ඇඩ්බ්‍රයිඩ්, චිතිකා වැනි වෙබ් අඩවි වල ලියා පදිංචි වී එම වෙබ් අඩවි වලින් ඔබට ඔබගේ වෙබ් අඩවියට දැන්වීම් ලබා ගතහැකි අතර ඔබගේ වෙබ් අඩවියට පිවිසෙන්නන් මෙම දැන්වීම් නරඹන තරමට ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩිවේ.


තවත් සමහර වෙබ් අඩවි වල ලියාපදිංචි වී ඔවුන් දෙන දැන්වීම් මත ක්ලික් කරීමෙන් මුදල් උපයාගත හැකි මාර්ගයන්ද ඇති අතර බොහෝ විට මෙවැනි වෙබ් අඩවි ඉතා වංචනික ඒවා වේ. එසේ නැතහොත් මෙවැනි වෙබ් අඩවිවලින් ලැබෙන ආදායම ඉතා අඩුය. මෙතැන් සිට ලිපි සියල්ලම සරලව ඔබ වෙත ගෙන එන්නම්
ලිපි මාලා අංක 02 න් ඉක්මනටම හමු වෙමු

6 comments:

  1. A.W.Serveyer කියල ඔය ඇඩ් එකක් දාල තියෙන්නේ ඔයාගේ බ්ලොග් පිටුවේ දකුණු පැත්තේ ඉහල කෙලවරේ. ඒකෙන් සල්ලි හොයන්න බෑ. ඒක වංචාකාරී වෙබ් අඩවියකි. මේකෙන් සල්ලි ගත්තු එක්කෙනෙක් වත් මේ ලෝකෙ නැතිව ඇති. මේකෙන් සල්ලි ගන්න ඩොලර් 50ක් එකතු වෙන්න ඕනා. ඩොලර් 50ට ලං වෙනකොට මේකෙන් සල්ලි සොයන්න බෑ.

    ReplyDelete
  2. mata hithenne oyata thawa dewal igenaganna thiyenawa internet money gany. Any way dear friend, I will highly advice you just come and visit my blog. there are some information regarding online money. if you wish you also just joind and tell your friends too

    http://pdwijenayake.blogspot.com/
    http://www.clixsense.com/?4205601

    Thank you good luck and appropriate your dedication
    pd.wijenayake@gmail.com

    ReplyDelete
  3. menna salli hoyanna patta lesi kramayak.
    ad ekakata $.10k gewanawa. dawasata $1k. dawas 20n $20k cash out karanna.

    http://profibux.com/?r=daminda1989

    ReplyDelete
  4. clixsens මගින් සාර්ථකව මුදල් උපයන්න ඔබත් පහත link ඒකෙන් ගොස් අදම ලියාපදිංචි වන්න.
    මාගෙ link ඒක හරහා ලියාපදිංචි වන්නන්ට වාසි රැසක් හිමිවේ..මෙම අඩවියෙන් මුදල් උපයන පහසු අාකාර සියල්ලක්ම මම ඔබ හට නොමිලේම කියා දෙනු ලැබෙ..ඔබ කළ යුත්තෙ ඔබගෙ දුරකථන අංකය www.lasantha11@gmail.com ලිපිනයට Email කිරීම පමණි..
    ඔබත් සාර්ථක මුදල් උපයන්නකු වන්න දැන්ම පහත link ඒක ඔස්සෙ ගොස් ලියාපදිංචි වන්න..
    http://www.clixsense.com/?8020393

    ReplyDelete
  5. loku udawwak meka hariyatama karaganna heti puluwannam kiyala denna 0715491914 theruwan saranayi

    ReplyDelete
  6. http://tomoney.xyz/1956939247644/ meke register wela keeyak hari hoyaganna yalu

    ReplyDelete